ප්‍රශ්නය – හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරකට ලක්වීම, ඔහු ඒ වාහනය පදවාගෙන යාමත් එක්ක මේ වෙද්දී පොලීසියේ ක්‍රියාමාර්ග සහ ඔහුගේ හැසිරීමත් එක්ක මේ වෙද්දී සමාජයේ විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා, ඉතාම සාධාරණයි ඒක. මොකද ඔහු අනතුරට ලක්වෙලා ඔහු රෝහල්ගත වෙනවා, ඒ අවස්ථාවේදී ඔහුට චෝදනා එල්ල වෙනවා ඔහු අවට සිටි සියලු දෙනාගෙන් ඔහු බීමත්ව සිටියා කියලා. ඊට අදාළව ඒ අවස්ථාවේදී ඔහුට බීමත් පරීක්ෂණයවත් සිදුකරන්නේ නැහැ. ඊටපස්සෙ ඊළඟ දිනයේදී පැය ගණනාවක් ගියාට පස්සේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියනවා. නමුත් සිකුරාදා මේ අනතුරට ලක්වෙච්ච අය රෝහල්ගතව සිටින අවස්ථාවේදී ගරු මහේස්ත්‍රාත්වරයා ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට ඇප නියම වෙනවා. මේ වගේ දේවල් අපි දැකලා තියෙනවා. තනතුරටක සම්බන්ධ කෙනෙක් අනතුරකට ලක්වුණාම මෙවැනි සිදුවීම් ගණනාවක් නිරීක්ෂණය වෙලා තියෙනවා අතීතයේදීත්. එතකොට මොකක්ද වෙනස් වුණේ ?
“අශෝක රන්වල මන්ත්‍රීතුමා තවම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු බීමතින් සිටියාද නැද්ද කියන එක සම්බන්ධයෙන් කාටහරි සැකයක් තිබෙනවා නම්, ඒක පරීක්ෂා කරන්න තියෙන එකම ක්‍රමය බ්‍රෙත්ලයිසර් එක විතරක් නෙවෙයි”
ප්‍රශ්නය – එතන ප්‍රශ්නයක් මතුවෙනවා ඇයි ඒ අවස්ථාවේ – බැලුම් කිව්වාම තමයි හැමෝම දන්නෙ – ඇයි ඒ අවස්ථාවේදී බැලුමක් පුම්බන්න ලබාදුන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය තමයි මතුවෙන්නෙ ?
“ඒක සාමාන්‍යයෙන් පොලිසියෙන් උත්තර දෙන්න ඕනෙ ප්‍රශ්නයක්. ඒ වගේම ඔහු ඒ අවස්ථාවේදී බීමතින් හිටියාද නැද්ද කියන එක පරීක්ෂා කරන්න තවත් ක්‍රම කිහිපයක්ම තිබෙනවා. සාමාන්‍යයෙන් රෝහල්ගත වෙනවිට රෝගය සම්බන්ධයෙන් ලේඛනගත කරන වෛද්‍යවරයා ඒ රෝගියා බීමතින් හිටියාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඔහුගේ නිරීක්ෂණ සටහන් කරනවා. අපිට ඒක බලන්න පුළුවන්. දෙක, මා දන්නා තරමින් දැනට ඔහුගේ මූත්‍රා සහ රුධිර සාම්පල අරගෙන තිබෙනවා, ඒවා රසපරීක්ෂකටත් යවලා තිබෙනවා. ඒවා අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කරයි උසාවියට. මං හිතන්නෙ උසාවි දිනයකුත් තියෙනවා 19ද කොහෙද”
ප්‍රශ්නය – ගිය බ්‍රහස්පතින්දා (11) රාත්‍රියේ තමයි රිය අනතුර සිද්ධ වෙන්නෙ. දැන් සඳුදා රාත්‍රිය වෙද්දීත් ඔහු සම්බන්ධයෙන් කරපු රුධිර පරික්ෂණ වාර්තාව ලැබිලා නැහැ. ඒකට දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තියෙනවාද ?
“නෑ, ඒක උසාවියට ඉදිරිපත් කරයි. JMO ඒක වාට්ටුවට ඉදිරිපත් කරන්නෙ නෑ, උසාවියට ඉදිරිපත් කරයි. කාටහරි සැක තියෙන අයට ඒ අනුව බලාගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. අපි විශ්වාස කරනවා ඔහු බීමතින් හිටියේ නැහැ කියලා”
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (15) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

