ඇතා ඝාතකයින් සොයන්න තවත් පාර්ශව දෙකක් විසින් පරීක්ෂණ

Published in පුවත්
Thursday, 18 December 2025 08:43

පිලිස්සූ පුද්ගලයා කවුරුන්දැයි සෙවීමට යුද හමුදා රහස් ඔත්තු සේවයේ නිලධාරීන් සමග අනුරාධපුර වනසත්ව අඩවි කාර්යාලයයේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම අලියා පුලුස්සන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි වම් පාදයට වෙඩිවැදී සිටි මෙම අලියාගේ වයස අවුරුදු 50 ත් 55 ක් පමණ වන අතර, උස අඩි 09 ක් පමණ වේ. අලියා ඉකුත් 15 වැනිදා රාත්‍රි මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු අලියා පන්දම්වලින් පුලුස්සා ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.

වෙඩි වැදීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන්, සිටි මෙම අලියාට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති ඇතුළු නිලධාරීන් ප්‍රතිකාර කළේය. නමුත්, අලියා (16 වැනිදා) මිය ගියේය. අලියාගේ මරණය සම්බන්ධව පොලිසිය විසින්ද පරීක්ෂණයක් සිදු කරන බවත්, වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා උපරිම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසුවේය.

මෙම අලියාගේ මරණයත් සමග මේ වසරේ වාර්තා වූ අලි මරණ සංඛ්‍යාව 392 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ගිනි තැබීම නිසා මිය ගියා යැයි සැකකෙරෙන වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17 වැනිදා) මිහින්තලය සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ දී සිදුවිය.

මරණ පරීක්ෂණය ආරම්භවීමෙන් අනතුරුව අදාළ සිදුවීම වීඩියෝ ගත කළ තරුණයාගෙන් සහ තවත් කිහිපදෙනකුගෙන් සාක්ෂි සටහන්කර ගැනීමේ කටයුත්ත මිහින්තලය පොලිසිය විසින් ඊයේ ආරම්භ කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us