නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16 කැඳවන්න නියෝග

Published in පුවත්
Thursday, 18 December 2025 11:36

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළාය.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

ඉකුත් යහපාලන රජය සමයේ දූෂණ විරෝධී හඩ නමැති සංවිධානයේ කැඳවුම්කරු වූ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන කර ලිපිගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු නීතිපති විසින් කොළඹ මහාධිකරණය හමුවේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us