මි.මී 300 ඉක්මවූ වැසි වැටුණු මහනුවරට සහ උඩදුම්බරට නායයෑමක්

Published in පුවත්
Friday, 19 December 2025 10:58

ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවය.

නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බවද වසන්ත සේනාධීර මහතා පැවසීය.

තවද නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇතැයි ද පැවසු ඒ මහතා මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී ඇතැයි පැවසීය.

තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳ විස්තරයක් මෙතෙක් ලැබී නොමැති බවද පැවසු ඒ මහතා, අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ, මේ දිනවල ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මධ්‍යම පළාතට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

කෙසේවෙතත් නැවත වතාවක් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුදානමින් සිටින බවද පැවසු ඒ මහතා, නායයෑම් ලක්ෂණ ඇති කඳුකරයේ ජීවත් වෙන ජනතාව අනතුරුදායක ස්ථානයන්ගෙන් වහාම ඉවත් වෙන ලෙස ද ඉල්ලා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us