උඩරට එළවළු මිළ පරදා පහතරට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

Published in පුවත්
Friday, 19 December 2025 13:18

දිට්වා සුළි කුණාටුවත් සමග වෙළදපොලේ උඩරට එළවළු වලට වඩා පහත රට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසයි.

පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුළු එළවලු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එලවලු වර්ග රු.300-350ත් අතර මිලකට අලෙවි කරන අතර, මාලු මිරිස් කිලෝවක් රු.1300ක්, බෝංචි රු.1000ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ (18) දින එළවලු කිලෝ 91510ක ඉල්ලුමක් ලැබුණ බවත්, එම ඉල්ලුමට සරිලන එලවලු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවලු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කල බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නුවරඑලිය එළවලු ගොවීන් සතුව එලවලු අස්වැන්න තිබෙන නිසා උඩරට එළවලු මිල ඉහල නොයන බවයි එම නිළධාරියා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us