උත්සව සමයේ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමට "මෙහෙයුම් මැදිරියක්"

Published in පුවත්
Monday, 22 December 2025 08:04

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් "මෙහෙයුම් මැදිරියක්" ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ.

උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත.

මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීමය.

යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්‍ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන ඇත.

මෙම යාන්ත්‍රණය හරහා උත්සව සමය පුරා මහජන ජීවිත සුරක්‍ෂිත කිරීමටත්, රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්‍ෂා කිරීමටත්, බලධාරීන්ට වඩාත් හොඳින් අවස්ථාව සැලසේ.

මහජනතාවට කිසිදු බාධාවකින් තොරව සාමකාමීව උත්සව සමය සැමරීමට හැකි වන පරිදි සුරක්‍ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය සතු නොසැලෙන කැපවීම මෙමගින් නැවත වරක් අවධාරණය කෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us