සහන පැකේජයක්ද රැගෙන ඉන්දීය විදේශ ඇමති අද මෙරටට

Published in පුවත්
Monday, 22 December 2025 08:11

විපතට පත්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන පැකේජයක්ද රැගෙන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් අද (22 වැනිදා) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් මත ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. මේ අතර චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි ද සහන පැකේජයක් රැගෙන දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. චීන රජයේ නියෝජිතයා ඇතුළු පිරිස දෙදිනක් මෙරට රැඳී සිටියද ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට මෙරටින් පිටත්ව යාමට නියමිතය. ඉන්දියාව ආරම්භ කළ ‘සාගර බන්දු’ මෙහෙයුමේ තවත් පියවරක් ලෙස මෙරටට පැමිණ අදාළ සහන පැකේජය ලබාදීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. චීනයේ ජනාධිපති සහ අගමැතිවරයාට පසු තුන්වැනි බලවතා ලෙස සැලකෙන මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි මෙරට රැඳී සිටින දෙදින තුළ ජනාධිපති, අගමැතිනිය හා තවත් හමුවීම් කිහිපයකට සැලසුම් කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us