වී මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළද සහල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බවද ඔහු කීවේය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ඊයේ (22 වැනිදා) පැවැති “2025 වාර්ෂික පර්යේෂණ සංසදයේදී“ ඔහු මේ බව පැවැසුවේය.
ඉකුත් යල කන්නයේදී දැවැන්ත වී අස්වැන්නක් ලැබුණු බවත්, පසුගිය ගංවතුර තත්ත්වයෙන් එම වී අස්වැන්නට සිදුවී ඇති හානිය දශම ගණනක් බවද ඔහු කියා සිටියේය.
ගංවතුරින් මෙවර කන්නයේ වී වගාවට සිදුවී ඇති හානිය හෙක්ටයාර් 50,000 කට වඩා අඩු බවත්, එලෙස හානියට පත්වූ කුඹුරු ඉඩම්වලින් මේ වනවිට සියයට 50 කට වැඩි ප්‍රමාණයක් වගා කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

