විශ්‍රාම දින ප්‍රකාශයට පත් නොකිරීමෙන් විදුලි සේවකයින් අර්බුදයක

Published in පුවත්
Tuesday, 23 December 2025 10:53

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවකයින් විසින් පිරිසක් විසින් සිය සේවා විශ්‍රාම ගැනීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අදාළ ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ එම සේවකයින් සඳහන් කර ඇත්තේ 2025 අගෝස්තු 26 දිනැති අංක 2451/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මගින් සමාගම්වලට අනුයුක්ත නොවූ සේවකයින් ලෙස ඔවුන් ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඉල්ලුම් කළ බවය.

කෙසේ නමුත් එම ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ඉල්ලුම් කර ඇති 2,200කට ආසන්න ලංවිම සේවක පිරිස මේ වන විට සිය අනාගතය සම්බන්ධව අවිනිශ්චිතතාවකට පත්ව ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් නොවීම හා එම දිනය දිනෙන් දින ප්‍රමාද වීම මෙන්ම යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් එම කටයුත්ත තවත් ප්‍රමාදයට පත්ව ඇති බවත් පවසන එම සේවක පිරිස සඳහන් කරනුයේ මේ හේතුවෙන් සිය අනාගත සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති බවය.

ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමු කර ලංවිම ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිසට සිය විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් කරන ලෙස දන්වමින් ස්වේච්ඡා විශ්‍රාම වැටුම් ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස සිය ලිපිය මගින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයිද සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us