හානියට පත් දේපළ වලට රු.කෝටි 4500ක රක්ෂණ වන්දි ඉල්ලයි

Published in පුවත්
Friday, 02 January 2026 08:23

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් හානියට පත්වූ දේපළ වෙනුවෙන් රුපියල් කෝටි 4500ක් රක්ෂණ වන්දි මුදලක් ඉල්ලා ඇතැයිද, ඉන් ඉල්ලුම්පත් 790ක් රක්ෂණ සමාගම් මගින් ප්‍රතික්ෂේප කර ඇතැයිද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සඳහන් කළේය.

රක්ෂණ සමාගම් මගින් ප්‍රතික්ෂේප කර ඇති අදාළ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන අංශය මගින් එකින් එක පරීක්ෂා කරගෙන යන බව එම කොමිසමේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් පැවසීය.

ඇතැම් ප්‍රදේශවල රථවාහන රක්ෂණ වන්දි ගෙවීම්වල යම් ප්‍රමාදයක් සිදුව ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ රථවාහනවලට සිදුව ඇති හානියට අදාළ ඇස්තමේන්තු ලබාගැනීමේ ප්‍රමාදයන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් විනාශ වූ නිවාස, කර්මාන්තශාලා, රථවාහන ආදියට අදාළව රක්ෂණ වන්දි ගෙවීම් සියයට හැත්තෑවක් (70%) පමණ සාර්ථකව සිදුව ඇති අතර රක්ෂණ ඔප්පු පිළිබඳ පවතින අඩුපාඩු සහ අදාළ වාරික නිසි පරිදි ගෙවා නොමැති සිද්ධීන් පිළිබඳවද කොමිසම වෙත පැමිණිලි ලැබී ඇත.

මේ වනවිට රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා ඉල්ලුම්පත් දාහත් දහසකට (17,000) අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර ගැටලු සහගත රක්ෂණ ගෙවීම් 790 පිළිබඳව එකින් එක ගෙන විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us