වැටලීම්වලින් මි. 285ක දඩ මුදලක් පාරිභෝගික අධිකාරිය අය කරගෙන

Published in පුවත්
Friday, 02 January 2026 08:41

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.

2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම් 21,000ක ප්‍රමානයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව පැවසෙයි.

භාණ්ඩවල නියමිත ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කිරීමට අධිකාරිය කටයුතු කර තිබේ.

වානේ කම්බි, පොල්තෙල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සහල්, ටින් මාළු, මිරිස් කුඩු, දියර කිරි, හිසකෙස් වර්ණක, කෝඩියල් සහ සිරප් වර්ග ඒ අතර වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

1977 පාරිභෝගික පැමිණිලි සේවා අංකය සඳහා පසුගිය වසර තුළ පැමිණිලි 5002ක් ලැබී ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

ඉන් සියයට 79කට ආසන්න ප්‍රමානයක් විසදා ඇති බවද පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us