රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා ආදී සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පාලනය කිරීමට අදාළව ගම්මාන මට්ටමෙන් වගා ආරක්ෂකයන් යෙදවීම සම්බන්ධවද කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේදී අවධානය යොමුකර තිබිණි.
රිළවා, වඳුරා ආදී වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි ක්‍රමයෙන් වැඩිවන බැවින් එය පාලනයට අදාළව කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ. දඬුලේනා ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධවද අවධානය යොමුකර ඇත.
කෘෂි භෝගවලට හානි කරන රිළවා, වඳුරා, දඬු ලේනා සහ මොනරා ආදී සතුන් වගාබිම්, ගම්මාන හා නගර ආශ්‍රිතව කොපමණ ප්‍රමාණයක් සිටීදැයි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉකුත් වසරේ (2025) මාර්තු මස 15 වැනිදා සංගණනයක්ද සිදුකළේය.

