රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අදාළ ගැටලු විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් පොරොන්දු කඩ කරමින් සිටින බවය.
ඒ අනුව ඉදිරියේදී වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට දිනයේදී රැස්වන විශේෂ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

