ඇස් දන් දෙන්න විසි දෙලක්ෂයකට අධික පිරිසක් පොරොන්දු පත්‍ර ලබාදීලා

Published in පුවත්
Tuesday, 06 January 2026 08:40

මිය යාමෙන් පසු දෑස් දන් දීමට පුද්ගලයන් විසි දෙලක්ෂ අසූ හත්දහසක පිරිසක් පොරොන්දු පත්‍ර ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.

2025 වසරේදී පමණක් පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පොරොන්දු පත්‍ර ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති අයෝද්‍ය සම්පත් ද සිල්වා පැවැසීය.

මාසයකට පොරොන්දු පත්‍ර 300 කට ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයෙන් ලැබෙන බවද හෙතෙම කීවේය.

අක්ෂි දාන සංගමය වසර හැට හතරක් මුළුල්ලේ මෙරට තුළ මිය ගිය පුද්ගලයන් ලක්ෂයකගේ අක්ෂි කුනීත විදේශීය රටවල්වල අයට බද්ධ කර පෙනීම ලබාදී ඇති බවද හෙතෙම කීවෙය.

අක්ෂී කුනීත ලක්ෂයක් බද්ධ කිරීම නිමිත්තෙන් ජාතික උත්සවයක්ද ලබන 30 වැනිදා පවත්වන බවත් ජනාධීපතිවරයා, අගමැතිනිය, මැති ඇමැතිවරුන් මෙන්ම විදේශීය දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ද මෙම උත්සවයට සහභාගි වන බවත් අක්ෂිදාන සංගමයේ සභාපතිවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us