පසුගියදා එම බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ අනුව ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට විභාග දෙකක් පැවැත්වීමට නියමිතයි.
එක් විභාගයක් දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් සඳහා විවෘත වේ.
අනෙක් විභාගය සියලු උපාධිධාරීන් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇති බව, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
එම ප්‍රතිඵල පාදක කර ගනිමින් කඩිනමින් සුදුසුකම් ලාභීන් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි.

