ඛනිජ තෙල් සමාගමෙන් රතු එළියක්

Published in පුවත්
Wednesday, 14 January 2026 10:08

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එළඹෙන 17 වන සෙනසුරාදා ඛනිජ තෙල් බෙදාහැරීම සිදුනොකිරීමට තීරණය කර ඇති බැවින් එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දිනයේදී ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු හඟවයි.

එම සංගමය පෙන්වා දෙන්නේ එළඹෙන 17 වැනි සෙනසුරාදා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වසා තබන බැවින් සති අන්තය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් 16 වැනිදා වන විටම ඉදිරිපත් කරන ලෙස ඛනිජ තෙල් ප්‍රාදේශීය කළමනාකරුවන් දන්වා තිබෙන බවය.

මේ බව සඳහන් කරමින් සියලුම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට පණිවුඩ එවා තිබෙන බවත් අත්පිට මුදලට හෝ චෙක් පහසුකම් මත ගෙවීම් කටයුතු සිදුකළ නොහැකි බවත් එහි සඳහන්ව තිබෙන බවත් බෙදුම්කරුවන් පවසයි.

සෙනසුරාදා දිනයේ මෙම ආයතනය වසා තබන්නේ සේවකයන්ට ගෙවනු ලබන අතිකාල දීමනා නතර කිරීමේ අරමුණින් බවත් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

දින කිහිපයකට ඉන්ධන ලබාගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට කිසිදු බෙදුම්කරුවකුට හැකියාවක් නොමැති බැවින් සති අන්තය සඳහා ඉන්ධන ඇණවුම් කිරීමක් පෙර සිට සිදු කළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් ඉදිරි සති අන්තයේ දෑඩි ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව ඔවුන්ගේ අලෙවිකරුවන් වෙත ගෙවන ලබන වට්ටම් මුදලද සොච්චමක් කර ඇති මේ අවස්ථාවේ මුදල් ගෙවා දින තුනකට අවශ්‍ය ඉන්ධන මිලයට ගැනීමට බොහෝ පිරවුම්හල් හිමියන්ට හැකියාවක් නොමැති බවත් එම සංගමය පවසයි.

මේ හේතුවෙන් අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව බවත් එහි වගකීම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත යුතු බව මෙම සංගමය වැඩිදුරටත් පැවැසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us