ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක්

Published in පුවත්
Wednesday, 21 January 2026 09:39

ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ ධීවරයින්ගේ ක්‍රය ශක්තිය අනුව ඔවුන්ගේ අභිමතය මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හඳුන්වා දී තිබීමය.

ඒ අනුව නව ධිවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ, ධීවරයින්ගේ ක්‍රය ශක්තිය හා කැමැත්ත අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවීමට අවස්ථාව හිමි වේ.

එහිදී රු 5,000, රු 10,000, රු 15,000, රු 20,000, රු 25,000 හෝ ඊට වැඩි ආදි වශයෙන් අභිමතය පරිදි වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබාගත හැකි ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායකවිය හැකිය.

මෙම යෝජනා ක්‍රමය යටතේ තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවන් තුළ විශ්‍රාම වැටුප් වැඩිවීමයි.

එනම් මාසිකව රු 1,000 විශ්‍රාම වැටුපකට දායක වුවහොත් වයස අවුරුදු 64 - 70 දක්වා 1,250 විශ්‍රාම වැටුපක් වයස අවුරුදු 71 - 77 දක්වා රු 2,000 හා අවුරුදු 78න් පසුව රු 5,000ක විශ්‍රාම වැටුපක් ලබාගැනීමට හැකිවන ලෙසය.

මීට අමතරව නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීමෙන් ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් ලැබීම, විශ්‍රාම වැටුප්ලාභියා මියගිය විට දී විශ්‍රාම වැටුප කාලාත්‍රයාට ලැබීම හා ධීවර හා ධීවර කටයුතු ආශ්‍රිත රැකියාවන්හි නිරත වන පිරිසට ද මේ සඳහා දායකවීමට හැකියාව මෙම ප්‍රතිලාභයෙහි ඇති තවත් විශේෂයකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us