කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාස පරික්ෂාව දැඩි අර්බුදයක Featured

Published in පුවත්
Wednesday, 21 January 2026 08:13

කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය සායනයේ සියයට 60ක වෛද්‍ය හිඟයක් පැවැතීම නිසා රෝගීන් පරීක්ෂා කිරීම, ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි.

මේ හේතුව මත උගුර, කන, නාසය පිළිබඳ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙම සායනයට අනුයුක්තව විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සිට ඇති අතර, එක් විශේෂඥ වෛද්‍යවරයෙක් විශ්‍රාම යාමත් සමග මෙම අර්බුදය හටගෙන ඇත. ඒ සඳහා වැඩ බැලීමට වෛද්‍යවරයෙක් යොමුකර ඇතත් වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සියයට හැටකින්ම නතරව ඇතැයිද වෛද්‍යවරු පවසති. මීට අමතරව එම සායනය තුළ සිටිය යුතු ශ්‍රේණි වෛද්‍යවරුන්ද ප්‍රමාණවත් නැතැයි එම සායනයේ වෛද්‍යවරු කියා සිටිති.

සායනයට පැමිණෙන රෝගීන්ට සති කිහිපයක් තිස්සේ රස්තියාදු වී ප්‍රතිකාර ලබා නොගෙන ආපසු හැරී යාමට සිදුව ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ වෛද්‍යවරු සියයට 60ක් නොමැති බව කියමින් ඊයේ (20) දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

මේ සම්බ්නධයෙන් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ‘අරුණ’ කළ විමසීමේදී විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේ වෙනත් රෝහලක සිටින උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉක්මනින් මෙම සායනය වෙත යොමු කිරීමට නියමිතව ඇති බවයි. එහෙත් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවද එම වෛද්‍යවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us