"ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ ගොදුරක්"

Published in පුවත්
Friday, 26 September 2014 09:48

ශ්‍රී ලංකාවේ වසර විසි හයක සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ආරම්භ කොට ඇති පරීක්ෂණය දේශපාලන වශයෙන් පොළඹවන ලද, ප්‍රමාණය ඉක්මවා යන එකක් බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෝෂ දර්ශනයට ලක් කරයි.



මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ බදාදා 69 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමිනි.

සිවිල් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාව මේ වන විට මානව හිමිකම් මණ්ඩලයේ දුෂ්ට අරමුණුවලින් යුත් න්‍යාය පත්‍රවල අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.

2009 වසරේ දී යුද්ධය නිම වීමත් සමගම ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සැලකියයුතු ප්‍රගතිය එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අමතක කර දමා ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

“මගේ රට ඉලක්ක කොට ගෙන කටයුතු කරන ආකාරය දෙස බලන විට එහි සාධාරණීකරණය කළ නොහැකි මට්ටමේ දැඩි මැදිහත් වීම් සහ අපක්ෂපාති බවක් දක්නට තිබෙනවා,” යනුවෙන් කියා සිටි ජනාධිපතිවරයා,  ශ්‍රී ලංකාවට වඩා ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමු විය යුතු රටවල් සහ ප්‍රශ්න තිබෙන බව ප්‍රකාශ කළේය.


විරෝධතාවයක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය කථාව පවත්වන අවස්ථාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම පැවැත්වූ ගොඩනැගිල්ල අබියස ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රකාශයට පත් කොට ඇති ඊලාම් රාජ්‍යයේ ආධාර කරුවන් විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණ.

විරෝධතා ව්‍යාපාරය මෙහෙයවූ එම සංවිධානයේ වී. රුද්‍රකුමාරන් මහතා  කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ හමුදාවට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතාවයට ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ආධාර කරුවන්ගේ සහය ලැබුණු බවයි.

එක්සත්ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම් වලට ශ්‍රී ලංකාවට පැමිණ ම සඳහා වීසා නිකුත් නොකිරීම, සහ සාක්ෂි දීමට ඉදිරිපත් වුවන් බිය ගැන්වීම සම්බන්ධයෙන් විරෝධතා කරුවෝ සිය දැඩි විරෝධය පළ කළහ.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us