"සිසු සැරිය" පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට රජයේ අවදානය

Published in පුවත්
Monday, 09 February 2026 19:28

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදුකරන පාසල් ප්‍රතිසංවිධාන‍ ක්‍රියාවලියේදී මතු වන ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති ගැටලු අවම කරමින් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට "සිසු සැරිය" පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව යොදවා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ⁣ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වූ බව සඳහන් වේ.

පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර ඊට අදාළ රෙගුලාසි කෙටුම්පත් මේ වන විට සකස් කර ඇති බැවින් එහි අඩංගු කරුණු පිළිබඳව හා ඒ සඳහා ඇතුළත් විය යුතු නව යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම ක්‍රමවත් කිරීම වෙනුවෙන් නීති රෙගුලාසි හඳුන්වාදීම, ළමා ආරක්ෂණය සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් පාසල් දරුවන් ප්‍රවාහනයේදී වාර්තා වෙන අපයෝජන සහ හිරිහැර නතර කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නන් සඳහා වෘත්තීයමයභාවය වැඩිදියුණු කරමින් වගකීම් සහගත සේවාවක් බවට පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ඒ වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සහ ළමා ආරක්ෂණ අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us