මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම අනුරාධපුර ඇතුළු බොහෝ ප්‍රදේශවල මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ .
ඒ අනුව රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම්ව පවතිනවා.
රජයේ සියලු වී ගබඩා අද සිට ඒ සඳහා විවෘතව පවතිනවා.
අහස් දියෙන් වගා කළ කුඹුරුවල අස්වනු නෙළීම දැනටමත් සිදුවනවා.
මහා පරිමාණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම තව සති දෙකකින් පමණ සිදුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
එම කාලයේ දී වැඩි අස්වැන්නක් මිලදී ගැනීමට අපේක්ෂා කර තිබෙනවා .

