ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් කාර්යාල වල සේවයේ නිරත වනු පිණිස මෙම නව පත්වීම් ලබා දී තිබුණා.
නව රජය විසින් මෙම ගුවන් තොටුපොළ වල පුරප්පාඩු සම්පූර්ණ කරමින් කාර්යක්ෂම සේවාවක් දෙස් විදෙස් ගුවන් මගීන් වෙත ලබා දීම සඳහා මෙම නව පත්වීම් ලබා දීම සිදු කළා.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන සභාපති , සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.
මංගල යන මහත්වරු ඇතුළු ගුවන් තොටුපොළ සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

