අප්‍රේල් සිට වාහන මිළ ඉහළට

Published in පුවත්
Monday, 16 February 2026 09:54

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් මස පළමුවැනිදා සිට රේගුවේදී සියයට දෙකහමාරක (2.5%) බද්දක් අය කිරීමට අයවැයෙන් අනුමතවීම නිසා අප්‍රේල් සිට වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවෝ පවසති.

මේ අනුව රුපියල් ලක්ෂ 100 ක වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරකින්(250,000) වැඩිවන බවද ඔවුහු කියා සිටිති. මෙම බද්ද මීට පෙර පැවැතියේ සියයට 1.25 (එකයි දශම දෙකයි පහක) ලෙස බවද මේ අනුව රේගුවේදීම අදාළ බද්ද ගෙවිය යුතු බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති.

එමෙන්ම, මේ වන විට ජපානයේ වාහන වෙන්දේසි කරන ආයතනවලද වාහන මිල ගණන් ඉහළ ගොස් ඇති බවද වාහන ආනයනකරුවෝ කියා සිටිති. කෙසේ නමුත්, මේ වන විට ආනයනය කර තිබෙන වාහන සඳහා මෙම සියයට 2.5% (සියයට දෙකයි දශම පහ) බද්ද අය නොවන බවද ඔවුහු පවසති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us