iPhone 6 දෙකට නැමෙනවා ලු (වීඩියෝ )

Published in පුවත්
Friday, 26 September 2014 10:32

ඉකුත් සතියේ වෙළෙඳපොළට නිකුත් වූ iPhone 6 Plus දුරකතනය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි ලැබෙමින් පවතින බව වාර්තා වේ.

ඒ එම දුරකතනය සාක්කුවේ තිබිය දී නැවී තිබීම සම්බන්ධයෙනි. එය සුළු නැවීමක් වුව ද පහසුවෙන් දැකිය හැකි වෙනසක් බවත් එය බොහෝ ජංගම දුරකතන නැවී තිබුණේ ඉහළ ප්‍රදේශයට ආසන්න ව බවත් වාර්තා වේ.



සාමාන්‍යයෙන් iPhone භාවිත කරන පුද්ගලයෙක් සිය ජංගම දුරකතනයට cover එකක් හෝ case එකක් යොදා  භාවිත කිරීම දුර්ලභ කාරණයකි.

එහෙත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකතනයට නම් ඔබට cover එකක් හෝ case එකක් යොදා  භාවිත කිරීමට සිදු වේ යැයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. තද ඇඳුම් ඇඳීම හේතුවෙන් මෙය සිදු වූ බව ඇතැමෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටී.

එහෙත් එය එසේ විය හැකි ද යන්න සිතිය යුතු ය. iPhone ජංගම දුරකතනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක් විය. 

ඇළුමිනියම් යනු සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. එහෙත් ජංගම දුරකතනයක් මෙවැනි නැමීමට ලක්වීම සාධාරණිකරණය කරන්න එය කරුණක් නොවේ.

මීට ප්‍රථම iPhone 5S සඳහා මෙවැනි පැමිණිලි වාර්තා නොවූ තරම් ය. පවතින තත්ත්වය හමුවේ ඔබේ ජංගම දුරකතනයෙන් iPhone 6 Plus වෙත මාරුවනනේ ද යන්න සිතා බැලීමට සිදුවන කරුණකි.



(lfn.lk)

Last modified on Friday, 26 September 2014 10:51

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us