රනිල්ගේ අවසර නැතිව විදෙස් ගමන් බැහැ

Published in පුවත්
Friday, 26 September 2014 10:36

පළාත් සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන ආයතන විපක්ෂ නායකවරුන් කිසිවෙකුටත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අවසරයකින් තොරව මින් ඉදිරියට පිටරට යා මට අවසර නොමැති බවට දැනුම් දී ඇත.




එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පනවන ලද එම නියෝගය පිළිබඳව පක්ෂයේ සියලුම මහජන නියෝජිතයන් වෙත දැනුම් දී තිබේ.


බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු පක්ෂයේ ජාතික නායකයාගේ අවසරයකින් තොරව ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම ඉහත නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට අසන්නම හේතුව වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයෙකු පැවැසීය.


ඌව පළාත් සභා මැතිවරණය අතරතුර දිවයිනෙන් පිටව ගොස් සිටි ඉහත පළාත් සභා මන්ත්‍රීවරයා යළි මෙරටට පැමිණි වහාම ඔහුගෙන් නිදහසට කරුණු විමසන ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායකයා පක්ෂයේ මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත මේ වන විට නියෝග කර තිබේ.


ඉහත පළාත් සභා මන්ත්‍රීවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන මැතිවරණ කොට්ඨාසයක සංවිධායක තනතුරක්ද හොබවන අතර ඔහු පක්ෂයේ ජාතික නායකයාගේ අවසරයකින් තොරව විදේශ සංචාරයේ යෙදීම පිළිබඳ සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකළහොත් ඔහුට අභිනවයෙන් ලැබුණු ආසන සංවිධායක ධුරය ද අහිමි වනු ඇතැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us