ජීවන වියදම, සෞඛ්‍ය පහසුකම්, දේශගුණය සහ පදිංචිය සඳහා ඇති විකල්ප යන නිර්ණායක පදනම් කර ගනිමින් ‘International Living’ සඟරාව විසින් 35 වැනි වරටත් නිකුත් කරන ලද මෙම දර්ශකයට අනුව ග්‍රීසිය ලොව හොඳම විශ්‍රාමික ගමනාන්තය ලෙස ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.
ග්‍රීසිය සමස්ත දර්ශකයේ පෙරමුණ ගත්තද, අවම වියදමකින් උසස් ජීවන රටාවක් ගත කළ හැකි රටවල් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.
විශ්‍රාමිකයන් සඳහා වන දැරියහැකි මිල (Affordability) අංශයෙන් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 98ක් ලබා ගනිමින් ලොව අංක එකේ ස්ථානයට පත්ව තිබෙනවා.
මෙම ලැයිස්තුවේ සෙසු ස්ථාන පිළිවෙලින්,
*ශ්‍රී ලංකාව (ප්‍රසාද ලකුණු 98)
*වියට්නාමය (ප්‍රසාද ලකුණු 97)
*තායිලන්තය (ප්‍රසාද ලකුණු 96)
*ඉන්දුනීසියාවේ බාලි දූපත් සහ මැලේසියාව ඒ අතර වනවා.
ශ්‍රී ලංකාවේ ආහාර පාන සහ එළවළු සඳහා වැයවන අඩු පිරිවැය, සහනදායී ප්‍රවාහන සේවා සහ කොළඹ පවතින උසස් මෙන්ම අඩු පිරිවැය සහිත සෞඛ්‍ය සේවාවන් මෙලෙස ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට හේතු වී තිබෙනවා.
එසේම, ආසියාවේ විශ්‍රාමික වීසා ලබා ගැනීම වඩාත් පහසු සහ ලාභදායී රටක් ලෙසද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.
“යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කළ ස්ථාන 13ක්, සුන්දර වෙරළ තීරයන්, විචිත්‍රවත් සංස්කෘතිය සහ ඉතා අඩු මිල ගණන් සහිත ශ්‍රී ලංකාව යනු විශාල මුදලක් වැය නොකර ඉතා ඉහළ මට්ටමේ ජීවන රටාවක් ගත කළ හැකි ස්ථානයක්,” යැයි International Living ආයතනය සඳහන් කරනවා.
වසර 40ක පමණ අත්දැකීම් සහිත ‘International Living’ සඟරාව, ලොව පුරා වෙසෙන විදේශිකයන්ගේ සැබෑ අත්දැකීම් සහ දත්ත පදනම් කර ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබනවා.

