අමරකීර්ති ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති හමුවීමට එයි

Published in පුවත්
Monday, 23 February 2026 14:28

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විත්තිකරුවන්ගේ ඥාතීන් පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, අද (23) මේ සම්බන්ධයෙන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණ නඩු තීන්දුවක් බලාපොරොත්තු වන බව දඬුවම් ලැබෙන සිටින අයෙකුගේ බිරිඳ ප්‍රකාශ කළාය.

"අපි අද ආවේ ජනාධිපතුමා හමුවෙලා, අපිට වුණ අසාධාරණය කියලා ලිඛිතව ලියුමක් භාර දෙන්න. ඒ වගේම අපේ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් හරි ඉදිරිපත් කරනවා. පංච පුද්ගල අධිකරණයෙන් අපි ඇත්තටම සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාට අපි කිව්වෙත්, සාධාරණයක් කරන්න කියලා. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ. දරුවන් ඉන්න අම්මලා ගොඩාක් ඉන්නවා. ත්‍රිපුද්ගල අධිරණයෙන් ලබා දුන්න තීන්දුවට හිස නවා ආචාර කරනවා. එක විනිසුරුවරයෙක් මේ ගොල්ලන්ව නිදොස්කොට නිදහස් කළා. ඒ නිසා තමයි අපි හුස්ම ගන්නේ, එයා අපිට බලාපොරොත්තුවක් දුන්නා. තවත් චාන්ස් එකක් තියෙනවා මේ ගොල්ලන් වෙනුවෙන් කියලා. ඒ චාන්ස් එක තමයි අපි ගන්නේ, අභියාචනයක් දාලා මේ 12 දෙනාව එළියට ගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව."-

-ada derana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us