විදුලි බිල් සහන මල්ලේ හිලක්

Published in පුවත්
Friday, 26 September 2014 13:16

පසුගියදා 16 වනදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ අයුරින් එදිනම මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 25%කින් අඩු කළ යුතු වුවද මෙම සහනය ලබා දෙන්නේ ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා පමණක් බව මහ භාණ්ඩාගාරය නිවේදනය කර ඇත.

කෙසේවෙතත් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාල ගැසට් නිවේදනය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කළ පසු නව ගාස්තු ක‍්‍රමවේදය ප‍්‍රකාශයට පත් කරන බව විදුලිබල මණ්ඩලය පෙන්වා දුන්නේය.

ඒ අනුව විදුලි ගාස්තු සියයට 25කින් අඩු කෙරෙන්නේ මාසිකව ලැබෙන විදුලිබිල්පතේ අගයෙන් සියයට 25කි.

දැනට විදුලිබිල සකස් වන‍්නේ ස්ථාවර ගාස්තුව හා ඉන්ධන ගැලපුම් ගාස්තුවේ එකතුවක් ලෙස වන අතර එසේම භාවිතයට ගැනෙන ඒකක (යුනිට්) මත පදනම්වද විදුලි ගාස්තු එක් එක් පුද්ගලයාට හා කර්මාන්ත අනූව ගාස්තු අඩු වැඩිවේ.

එම තත්ත්වයන් කෙසේ වුවද ඕනෑම අයෙකු අතට ලැබෙන විදුලි බිලෙන් සියයට 25ක් අඩු කර නව ගාස්තුව ප්‍රකාශයට පත් කරන බව පසුගියදා ගනේගල මහතා පෙන්වා දුන්නේය.

එලෙස ගත් විට මාසික විදුලිබිල රුපියල් 100ක් පැමිණි අයෙකුට ඉන් සියයට 25ක් අඩුවී නව ගාස්තුව යටතේ රුපියල් 75ක විදුලි බිලක් ලැබෙනු ඇත.

අදාල සහනය මේ මස නිකුත් කෙරෙන විදුලි බිලට ඇතුළත් වන්නේ දැයි අප කළ විමසීමකදී ගනේගල මහතා කියා සිටියේ, දැනටමත් ඇතැම් පාරිභෝගිකයන්ට බිල් ලබාදී ඇති තත්ත්වයක් පවතින බැවින් එසේ වුවහොත් ලබන මස විදුලි බිලෙන් අදාළ ගාස්තුව අඩු කෙරෙන බවයි.

එමෙන්ම විදුලි බිල මෙන්ම පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 05කින්, ඞීසල් ලීටරයක් රුපියල් 03කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 20කින් අඩු කරන බව ජනාධිපතිරයා පවසා තිබුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us