බුද්ධි අංශ තොරතුරු මත හඳුනාගත් තර්ජනයට ලක්ව ඇති අදාළ පුද්ගලයින්ගේ නිවාස සඳහා පොලිස් ජංගම මුර සංචාර අත්සන් පොත් තබා ඇති අතර පොලිස් ජීප් රථ, ත්‍රිරෝද රථ හා යතුරු පැදි කණ්ඩායම් මඟින් අදාළ ප්‍රදේශවල නිරතුරු ජංගම මුර සංචාර ක්‍රියාත්මක කරන අතර තර්ජනයට ලක්ව සිටින අයගේ නිවාසවලට ගොස් පොලිස් පොත්වල සටහන් තැබීම ද සිදු කරන බව ගන්දර පොලීසිය පැවසුවේය.
පොලීසිය මඟින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කළද මරණ තර්ජනය ඇතිවී තිබෙන ඇතැම් පුද්ගලයින් පොලිස් උපදෙස් නොසලකා අනාරක්ෂිත ලෙස හිතුමතේ ගමන් බිමන් යන බවට වාර්තා වී ඇති බවත් එලෙස පොලිස් උපදෙස් නොසලකා හිතුමතේ ගමන්බිමන් ගිය එක් අයෙකු පසුගියදා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ බවද පොලීසිය පැවසුවේය.

