විපක්ෂයේ කණ්ඩායම් හිටපු ජනපති රනිල් හමුවෙයි

Published in පුවත්
Wednesday, 25 February 2026 13:38

විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.

විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව පැවසෙයි.

ඊට අමතරව බාල ගල්අඟුරු සිද්ධිය, පාතාල ඝාතන සහ ගෑස් ගැටලුව සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව පැවසෙයි.

කොළඹ මල්පාර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පවත්වා තිබේ.

ඒ සඳහා උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්වී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us