ලංවිම හෙට සංකේත වැඩ වර්ජනයක

Published in පුවත්
Wednesday, 25 February 2026 19:39

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සියලුම සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම යනුවෙන් සඳහන් කර ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අද (25) ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.

සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බව එම ලිපිය මගින් වෘත්තීය සමිති දැනුම්දී තිබේ.

එබැවින් අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බව ඔවුන් පවසයි.

ඒ අනුව ඉතා සාධාරණ සහ යුක්ති සහගත එම ඉල්ලීම් ඉටුකිරීම පසෙක ලා දිගින් දිගටම කල්මැරීම මෙම පැය 6ක සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට හේතු වූ බව එහි දැක්වේ.

මෙම වැඩ වර්ජනය නිසා ඇතිවන සියලුම ආකාරයේ අහිතකර ප්‍රතිඵල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෝ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වග නොකියන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව භාර ගත යුතුය බව අදාළ වෘත්තීය සමිති එම ලිපියෙන් දැනුම්දී සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us