එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.
ඇවන්ගාඩ් සමාගම දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදුකල සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදීමට ජනධිපතිවරයා කටයුතු කර තිබුණා.
ඇවන්ගාඩ් සමාගම මගින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමුද්‍ර ආරක්ෂන සේවා සැපයීම තුළින් මෙතෙක් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් අහිමිවී තිබුණා.
ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වෙමිනුයි ජනාධිපතිවරයා මෙම සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීම නාවික හමුදාවට භාරදී තිබුණේ.
සමුද්‍ර ආර්ක්ෂණ සේවා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකිරීම මගින් රටට අඛණ්ඩව විශාල ඩොලර් ආදායමක් හිමිවනවා.
මීට පෙර මෙම සියලු ඩොලර් ආදායම ඇදීගියේ පෞද්ගලික සමාගමකටයි.
ඒ ඇවන්ගාඩ් සමාගමයි.
එවක මේ පිළිබඳ විශාල සමාජ ආන්දෝලනයක් ද නිර්මාණය වී තිබුණා.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණී විගස අදාළ ව්‍යාපාරය එකී සමාගමෙන් ඉවත්කර ශ්‍රී ලංකා නාවික හමුදාවට යළි ලබාදුන්නා.
එමගින් සියලුම ඩොලර් ආදායම මුලුමනින්ම යළි ශ්‍රී ලංකා රජය සතු වුණා.
ඒ අනුව මාස 04 ක් වැනි කෙටි කාලයක් තුළදී ස්වාධීන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමෙන් ඇමෙරිකා ඩොලර් පන් ලක්ෂ අනූ අට දහස් දෙසිය පනහක මුදලක් ඉපැයීමට නාවික හමුදාව සමත්වුණා.
-ITN

