සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඇති මෙම ආපනාශාලාව අපිරිසුදු පරිසරයක පිහිටීමත් අධික ලෙස මැස්සන්ගෙන් පිරී පැවතීමත් ඊට හේතුවයි.
ආපනශාලාවේ ශීතකරණ තුළ අමු මස්, මාළු සමග කොත්තු රොටි වැනි ආහාර ගබඩා කිරීම, ආහාරවල අඩංගු ද්‍රව්‍ය ලේබල්වල සඳහන් කර නොතිබීම, කසළ භාජන විවෘත කර තිබීම, අධික ලෙස මැස්සන් ආහාරපානවල වසා සිටීම සහ ගැවසීම, කාණු පද්ධතිය අපිරිසුදු වීම, ආපනශාලාවේ සේවකයන් බුලත් විට කෑම සහ ආපනශාලාවේ සේවකයන්හට වෛද්‍ය සහතික නොතිබීම යන කරුණු යටතේ නඩු පැවරූ බව සෞඛ්‍ය නිලධාරිහු පැවසූහ.
අඛණ්ඩව සිදුකරනු ලබන මෙම වැටලීම් මගින් ආහාර පනත උල්ලංඝනය කරන සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ආහාර අලෙවිසැල් සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද නිලධාරීහු සඳහන් කළහ.
ඊට අදාළ නඩු විභාගය පසුගිය (29 වැනිදා) මාලිගාකන්ද අධිකරණයේදී විභාග කෙරිණි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපනශාලාවේ කළමනාකාරිත්වය දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් එම ආපනශාලාව එදින (27 වැනිදා) වසා තබා අදාළ නඩුව සඳහා සහභාගි වන බව දැනුම් දී තිබිණි.

