බිය නොවන්න කිසිදු ඉන්ධන අර්බුදයක් නැහැ - ලංකා ඛනිජ තෙල් සංස්ථාව

Published in පුවත්
Saturday, 28 February 2026 19:34

මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමග මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි.

පවතින යුදමය තත්ත්වය තුළ මෙරට ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම සඳහා මහජනතාව විශාල වශයෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ තත්ත්වයන් නිර්මාණය වී ඇති බැවින් ඒ සම්බන්ධව අදහස් පළ කරමින් ඒ මහතා පැවසුවේ ඉන්ධන සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවය.

තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මෙරටට පෙට්‍රල් සහ ඩීසල් තොග ගෙන්වීම මැදපෙරදිග රටවල්වලින් සිදු නොවන බවත් මේ හේතුවෙන් කිසිදු කළබලක් ඇති කර නොගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලීමක්ද කරන බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා,

"එහෙම කළබල වෙන්න කිසිම හේතුවක් නෑ. අපි සම්පූර්ණ තොග ගණනය කරලා බැලුවා. අපිට සියලුම දේවල් මාසෙක කාලයකට කිසිදු ගැටලුවක් නැතිව දුවන්න පුළුවන්. හේතුව අපිට තියෙන තොග සහ දැනට ළඟා වෙමින් තියෙන තොග තව දවස් 37කට ප්‍රමාණවත්. ඩීසල් දවස් 35කට ප්‍රමාණවත්, ගුවන් යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්. ඒ කියන්නේ දැනට ළඟා වෙමින් පවතින ඉන්ධන තොග සහ අපේ තියන ස්ටොක් ඔක්කෝම එකතු කළාම එතැනින් එහාට කිසිදු නැවක් ආවේ නැතත් අපිට මේ කියන දවස් ගානට කිසිම කරදරයක් නැතිව දුවන්න පුළුවන්.

ඊගාවට අපිට පිරිපහදු ඉන්දන ඒ කියන්නේ ප්‍රෙට්‍රල්, ඩීසල් හැටියට එන තෙල් අපිට ගොඩක් වෙලාවට මැදපෙරදිග රටවලින් නෙමෙයි එන්නේ. හේතුව නැව් ගාස්තු සහ ඒ හරියේ ඉඳන් එනකොට දුර වැඩියි. පසුගිය කාලේම අපිට ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් සහ කොරියාවෙන්. බොරතෙල්වලට විතරයි බලපෑමක් ආවොත් වෙන්නේ මේ වෙනකොට තියෙන සංචිත මාසයක් දුවන්න ප්‍රමාණවත්. ඒ නිසා කිසිදු කළබලයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. ජනතාව අනවශ්‍ය ලෙස කළබළ වුණොත් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ හින්දා ජනතාවට කියන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතිව සාමකාමී විදිහට යන්න."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us