තෙල් ගැන කිසිම ගැටලුවක් නෑ ! අප්‍රේල් මාසය වෙනකම් තෙල් ඇණවුම් ස්ථීර කර අවසන් - ඛනිජ තෙල් සංස්ථාව

Published in පුවත්
Thursday, 19 March 2026 12:22

ඊයේ (18) දිනය තුළ අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ, මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව තෙල් නැව් 5ක ඇණවුමක් ඊයේ දිනයේ දී ස්ථීර කළ බවය.

QR එකට ලොග් වීමෙන් අනතුරුව එය Refresh කර බැලීමෙන් කවුරුන් හෝ තමන්ගේ තෙල් කෝටාව ලබාගෙන ඇද්දැයි දැනගත හැකි බවද පැවසු අධ්‍යක්ෂවරයා, පරණ කෝටාවේ තෙල් ප්‍රමාණයන් ලැබී තිබුණු පිරිසගේ ගැටලු ද මේ වෙද්දි විසඳා ඇතැයි පැවසීය.

"මීට පෙර අපි අප්‍රේල් අග වෙන තුරු පමණයි තෙල් තියෙනවා කියලා ස්ථීර කළේ, ඒක අපි කිව්වේ මාර්තු මාසයේ අවසානය වෙනකල් අපි ස්ථීර කරන ලද නැව්වල ගණන් බලලා. දැන් 4 වෙනි මාසය දක්වා නැව් ස්ථීර කරලා තියෙන්නේ. ඒ අනුව ගත්තහම දැන් ඊළඟ මාසයේ අවසානය වෙනතුරු ස්ථීර වශයෙන්ම තෙල් සංචිත අපිට ලැබෙමින් පවතිනවා. තෙල් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. QR එක හදාගැනීමේ තාක්ෂණික දෝෂයක් දැන් නෑ. එකම දුරකථන අංකයට සහ එකම හැඳුනුම්පත් අංකයට එක වාහනයක් පමණයි ලියාපදිංචි කළ හැක්කේ කියලා මතකයේ තබාගන්න. "

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us