සීනි, පරිප්පු කිලෝවක තොග මිල ඉහලට

Published in පුවත්
Thursday, 19 March 2026 19:03

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් සීනි, පරිප්පු කිලෝවක තොග මිල වැඩි වී ඇතැයි ද ඉරානයෙන් ලැබුණු හාල්මැස්සන් මේ වන විට නොලැබෙන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසා ඇත.

යුදමය තත්ත්වය නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් නිතරම උච්චාවචනය වන බවත් අල ලූනු කිලෝවක තොග මිල රුපියල් 10 කින් පමණ අඩුවී ඇතැයි ද සෙනෙවිරත්න සඳහන් කළේය.

නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා ඇතැම් ඇණවුම් කර ඇති භාණ්ඩ ප්‍රවාහනයේදීත් වැඩිපුර ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බවද ඔහු කියා සිටියේය.

මේ වන විට භාණ්ඩවල හිඟයක් මතුව නැති මුත් භාණ්ඩ මිල ගණන් උච්චාවචනය දිගින් දිගටම සිදුවන බව ද සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ ඇතැම් වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය තොග පවත්වාගෙන යාමට උත්සාහ නොගත යුතු බවත් මෙම තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවත් සෙනෙවිරත්න කියා සිටියේය.

මෙරටට හාල් මැස්සන් ගෙන ඒමේදී ඉරානයෙන් සියයට 60 ක් පමණ ආනයනය කළ බවත් එම වෙළෙඳපොළ අහිමිවීමෙන් පසුව තායිලන්තයෙන් හාල්මැස්සන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ටින් මාළු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් පවතින තත්ත්වය යටතේ දේශීය ටින් මාළු ප්‍රමාණවත් නොවන බැවින් ටින් මාළු ආනයනයට ඉඩදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ආහාර තොග රැස් නොකර කටයුතු කරන්නේ නම් ඉන්දියාව, චීනය, පාකිස්තානය ආදී රටවල්වලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා උත්සව කාලයේදී භාණ්ඩ හිඟයක් ඇති නොවන තැනට පත්කර ගත හැකි බවද නිහාල් සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us