බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Published in පුවත්
Monday, 23 March 2026 07:34

බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්වලද මිල ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා ඇති බවය.

ඒ අනුව නව බස් වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ණ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදි මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටද නියමිතව තිබේ.

කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය ඊයේ (22) දිනයේම සිදුවිය යුතු බව බස් සංගම් රැසක් සඳහන් කළ අතර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා බස් සංගම් නියෝජිතයින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණු බැවින් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවද බස් සංගම් පැවසීය.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද පැවසුවේ බස් ගාස්තු ඉහළ දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදු කිරීමටද හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත් අද දිනයේදී නව බස් ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව 10%කට ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනය විමටද නියමිතව ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us