GMOA වර්ජනය ක්‍රියාත්මකයි

Published in පුවත්
Tuesday, 31 March 2026 09:19

නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, අද (31) පෙරවරු 8 සිට මෙම වැඩවර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ආරම්භ කරන බවය.

කෙසේවෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් වෛද්‍යවරුන් වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පසුගියදා පවසා සිටියේ, “මං හිතන්නේ වෛද්‍යවරු විදියට වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න බැහැ. ඒ නිසා ඉතිහාසය පුරාම එවැනි දේවල් ලොකුවට වෙලත් නෑ. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතිය මං හිතන්නේ එහෙම දේවල් කරන්න හැකියාවකුත් නෑ. පසුගිය දවස්වල කිව්ව දේවල් ලොකුවට මුකුත් වුණෙත් නෑ. නමුත් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඇහුන්කම් දෙන්න අපි සුදානම්...” යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us