ඒ මධ්‍යම පළාත් ස්වාභාවික ඛනිජ ජලය නිෂ්පාදකවරුන්ගේ සංගමය ඇතුළු රටපුරා විසිරී සිටින එම නිෂ්පාදකයන්ගේ සංගම් නියෝජිත පිරිසක් පාරිභෝගික සේවා අධිකාරියේ පැවැති සාකච්ඡාවකදීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවේ කවුන්සලයේ සභාපති නීතිඥ තුෂාර රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී පානීය ජල බෝතල්වල මිල ඉහළ යාම නිසා කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග පුළුල් ලෙස සාකච්ඡා කෙරී ඇත. රුපියල් 70 ට ඇති මිලිලීටර 500 බෝතලයක් රුපියල් 90 දක්වා වැඩි කිරීමටත් රුපියල් 100 ට ඇති ලීටරය රුපියල් 130 දක්වාත් රුපියල් 130 ක් වන මිලිලීටර 1500 රුපියල් 160 දක්වාත් ලීටර 5 රුපියල් 350 සිට රුපියල් 450 දක්වා වැඩි කිරීමටත් මෙහිදී නිෂ්පාදකයන් ඉල්ලීමක් කර ඇත.
ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් සියලු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම තම කර්මාන්තය පවත්වාගෙන යාමට බලවත් තර්ජනයක් එල්ල කර ඇති බැවින් මෙම මිල වැඩි කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව මධ්‍යම පළාත් ස්වාභාවික ඛනිජ ජලය නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර පැවැසිය.
එහිදී අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවේ කවුන්සලයේ සභාපති නීතිඥ තුෂාර රණතුංග සඳහන් කර ඇත්තේ අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර අවසන් තීරණයක් ගන්නා බවයි.
මෙම හමුව සඳහා රටපුරා සිටින පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගේ සංගම් සාමාජිකයන් පිරිසක් එක්ව සිටි අතර මධ්‍යම පළාත් ස්වාභාවික ඛනිජ ජලය නිෂ්පාදකවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති ජයන්ත විජේසේකර ,ලේකම් ලක්ෂමන් කුරුකුලසූරිය හා භාණ්ඩාගාරික ඕ.ජී.එස්.වීරරත්න ද එක්ව සිටියහ.

