ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල ඉහළම අගයට පැමිණෙයි

Published in පුවත්
Tuesday, 31 March 2026 11:53

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමග ඇලුමිනියම් මිල වසර හතරකට පමණ පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහයක් වන ඇලුමිනියම් ඊයේ (30) දිනයේදී London Metal Exchangeහිදී 3%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3,401ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කලාපයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සමාගම සඳහන් කර ඇත්තේ අබුඩාබි හි පිහිටි තම මධ්‍යස්ථානයට දැඩි හානි සිදුවී ඇති බවයි.

මේ අතර ඇලුමිනියම් බහරේන් සමාගම ද, තම මධ්‍යස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව මේ වන විට තක්සේරු කරමින් සිටින බව සඳහන්.

මෙම සැපයුම් ජාලය අඩාල වීම හේතුවෙන් ඉදිරියේදී ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම ගෝලීය ඉදිකිරීම් සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙම මිල ඉහළ යාම සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us