අලුත් අවුරුදු සමයත් සමග කිතුල් පැණි භාවිතය ද ඉහළ යන බැවින් වෙළෙඳපළේ අලෙවි කරන කිතුල් පැණි පරීක්ෂාවට ලක් කර ඇති අතර කිතුල් පැණි ප්‍රමිතියෙහි යම් යම් ගැටලු පවතින බව එහිදී අනාවරණය කරගෙන ඇත.
එබැවින් වෙළෙඳපළේ අලෙවි කිරීමට තිබෙන කිතුල් පැණි ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූල දැයි තහවුරු කර ගැනීමට සහ නියමිත ප්‍රමිතියට අනුකූලව කිතුල් පැණි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්, කිතුල් පැණි නිෂ්පාදන සහ කිතුල් පැණි කර්මාන්ත නියෝජිතයන් සහ පාරිභෝගික කටයුතු අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක් ද එම අධිකාරියේදී ඊයේ (30 වැනිදා) පැවැත්විණි.

