අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා කල්යයි

Published in පුවත්
Wednesday, 01 April 2026 13:24

වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට පෙර 2026 අප්‍රේල් 01 වැනිදා එනම් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නව ක්‍රමය 2026 ජූලි 01 වැනිදා දක්වා කල් දමා ඇති බවය.

අද දින සිට ක්‍රියාත්මක වීමට නිමිතව තිබූ බදු නීතිය සහ එමඟින් ආර්ථිකයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙලෙස පැහැදිලි කළේය.

"මේ කල්දැමීම පිටුපස සාධක කිහිපයක් තිබිය හැක. එකක් තමා අපි දන්නවා මේ අවස්ථාව වෙන විට ගෝලීය ඛනිජතෙල් මිල ඉහළ යෑම තුළ දේශීය වශයෙන් මිල ඉහළ ගොස් තියෙනවා. ගෑස් මිල ඉහළ ගොස් තියෙනවා. විදුලි මිල ඉහළ ගොස් තියෙනවා. මේ එක්ක ඉදිරියට තවත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට නියමිතයි. මෙවැනි සේවාවල මිල ඉහළ දැමීම විශේෂයෙන්ම තනි පුද්ගලයෝ විදියට ඩිජිටල් ෆැල්ට්ෆෝම් පාවිච්චි කරගෙන යන ආර්ථික කටයුතු ඒ වගේම ස්වයං රැකියා වගේ දේවල්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මානතකරුවෝ ලබාගන්නා ඩිජිටල් සේවා කියන දේවල්වල තවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට තුඩු දෙන ආකාරයේ මිල වැඩිකිරීම් ඇති වීමට හැකියාව තියෙනවා මේ වැට් බද්ද අයකිරීම තුළ. රජය ඒ අනුව කල්පනා කරා වෙන්න පුළුවන් තියෙන තත්ත්වය තුළ මෙවැනි බද්දක් අය කළහොත් එය විශේෂයෙන්ම ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි කියන දේ මත වෙන්න පුළුවන් මේක තාවකාලිකව කල්දැම්මේ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us