අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ විශේෂයෙන්ම කළු පැහැති සුනඛයිනට සහ බලලුන්ට අධික උණුසුම මාරන්තික විය හැකි බවය.
අධික උණුසුමත් සමඟ සතුන්ගේ සිරුරේ ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් පාලනයකර ගැනීමට නොහැති වී ඔවුන් මිය යාමට වැඩි ඉඩකඩක් පවතින බව වෛද්‍යවරයා පැහැදිලි කළේය.
වැඩිදුරටත් ඔහු පැවසුවේ කිසිදු අවස්ථාවක නවතා ඇති රථවාහන ඇතුලේ සුරතලුන් දාමා නොයන ලෙසටය.
"මේ දවස්වල තියෙන අධික උණුසුම විවිධ සත්තුන්ට බලපාන්නේ විවිධ විදියට. විශේෂයෙන් නිවසේ ඇතිකරන සුරතල් සතුන් බලලුන්ට සහ සුනඛයින්ට එය බලපාන ආකාරය වගේම අපේ ගොවිපල සතුන්ට බලපාන ආකාරය වෙනස්. සුරතලයට ඇතිකරන කුරුල්ලන්ට බලපාන අකාරය වෙනස්.
පූසන්ට බලපාන අකාරය ගත්තොත් විශේෂයෙන්ම දවල් 12න් පස්සේ සවස 3 අතර කාලය තුළ එළිමහනේ රැගෙන යන එනෙක් වළකින්න ඕනේ. එවගේම සතුන්ව වාහනය අස්සේ දාලා ෂොපිං යනවා. ඒක හොඳම නැති දෙයක්. විශේෂයෙන්ම කළු පැහැති බල්ලන් අපි රැගෙන නොයා යුතුමයි. උදේ 11 සිට සවස 3 පමණ දක්වා කාලය තුළ පැයක් අපි වාහනයෙන් ගමන් කලත් සත්ත්වයා රෝගී තත්ත්වයට පත්වෙලා පාලනය කරගන්න බැරි තත්ත්වයට ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙලා මරණයට පත් වෙන්න පුළුවන්.
දකින්න තියෙන දෙයක් තමයි පුළුවන් තරම් දිව එළියට දාගෙන හති දානවා. බලලුනුත් ඒ වගේ. හැකි ඉක්මනින් අයිස් ටිකක් දෙන්න, ඇඟ තෙමන්න, පශු වෛද්‍යවරයා වෙත රැගෙන යන්න නැතිනම් සතාව බෙරාගන්න අමාරු වේවි.
ඒවගේම සුරතලා වෙසෙන කූඩුව රස්නෙත් එක්ක රත්වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කූඩුවේ වහලය ආවරණය කරගන්න. රස්නය අඩුවෙනවා. විශේෂයෙන් රොට්වයලර් නැතිනම් කිලෝ 40කට එහා ඉන්න සත්තු අනිවාර්යයෙන් අව්වේ තියන්න එපා.
දවල්ට සත්තුන්ට මුඛවාඩම් දලා තියෙනවා. ඒ දේ නම් කරන්නම එපා. සුනඛයා ඉන්න තැන හැමතිස්සෙම වතුර තියලා තියන්න. අයිස් කැටයක් දලා තියන්න සැහෙන්න වැදගත් වෙන දෙයක්

