විශේෂ ප්‍රවාහන සැලැස්ම පිළිබඳ දැනුම්දීමක්

Published in පුවත්
Wednesday, 08 April 2026 17:16

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන නිලධාරීන් සඳහන් කළේ හෙට (09) සිට බස් සහ දුම්රිය විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසුවේ හෙට සිට 13 වනදා දක්වා කොළඹින් බැහැරට යාමට සහ 15 වෙනිදා සිට 21 වෙනිදා දක්වා කොළඹට පැමිණීමට බස් රථ යොදවා ඇති බවය.

"අප්‍රේල් 09 වෙනිදා සිට අප්‍රේල් 21 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අප්‍රේල් 9, 10, 11, 12, 13 හවස දක්වා කොළඹින් එළියට ප්‍රවාහනය කරනවා. ඊට පස්සේ 15, 16, 17, 18, 19 , 20 , 21 දක්වා ගම් බිම් වලින් ආපසු නැවත කොළඹ දක්වා ප්‍රවාහනයට බලාපොරොත්තු වෙනවා. මේ දවස් ටිකේ මගී ජන ගහනය ලක්ෂ දෙකහාමාරක් විතර අවුරුදු උත්සව කාලය තුළ දැක ගන්නට පුළුවන්. ඒ නිසා අපි අමතර බස් සේවාවන් 1500ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. "

එහිදි අදහස් දැක්වූ ආචාර්ය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ විශේෂයෙන්ම මගීන්ට සුවපහසු ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබා සඳහා කටයුතු කර ඇති බව.

ඒ සඳහා පොලීසියේ සහාය ද ලබාගෙන තිබේ.

විශේෂයෙන්ම කොළඹ බැස්ටියන් මාවත බස් පරියන්තය මාකුඹුර, කඩවත, කඩුවෙල බස් පර්යන්තවල සිට අන්තර් පළාත් බස් සේවාවන් ක්‍රයාත්මක වන අතර බැස්ටියන් මාවත බස් පර්යන්තයේ පානීය බල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් සලසා ඇති බවය.

මේ අතර එහිදී අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවුසුවේ මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර ද සැලසුම් කර ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us