කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට සඳහා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු - මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.
එබැවින් එම ප්‍රදේශවල වැසියන්ට විමසිලිමත් වන්නැයි දැනුම් දී තිබේ.

