එහි ධාවන සහ සේවා අධීක්ෂණ අධ්‍යක්ෂක ෂෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ ගම් බිම් බලා පිටත්වීමට යෙදවූ බස් රථ, නැවත කොළඹ බලා පැමිණෙන මගීන් වෙනුවෙන් යොදවන බවයි.
පෙරේදා (17) දිනය වනවිට බස් රථ 1,500කින් ගම්බිම් බලා ගිය මගීන් 59,000ක් නැවත කොළඹට රැගෙන ඇති බවත් සඳහන් කළ ෂෙරීන් අතුකෝරල මහත්මිය පෙන්වා දුන්නේ ඊයේ(18) සහ අද (19) දිනවල වැඩි මගී ඉල්ලුමක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවයි.

