ඉන්දීය උප ජනාධිපති අද දිවයිනට Featured

Published in පුවත්
Sunday, 19 April 2026 07:40

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.

අද පැමිණෙන ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ඊට අමතවරව අවස්ථා කිහිපයකටම සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින් සමග සම්බන්ධ වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුව සම්බන්ධව පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙරට නිල සංචාරය අද දිනයේදී සිදුවන බැවින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවන උප ජනාධිපතිවරයා එතැන් සිට ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිතය.

ඒ අනුව එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිසිය සදහන් කළේය.

ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය සඳහන් කළේය.

අනිද්දා දිනයේ ද ඉන්දීය උප ජනාධිපතිවරයා රැගත් ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා මාර්ග ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us