දන්සල් සඳහා නීති රැසක්

Published in පුවත්
Sunday, 19 April 2026 07:47

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදාළ ප්‍රදේශයේ විහාරාධිපති හිමියන්ගේ සහ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය ලබාගෙන විනිවිදව සිදුකළ යුතු බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුවත් කර ඇත.

විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයන් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් විනිවිද භාවයෙන් යුතුව වැය නොකරන බවට වාර්තා වන බැවින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.

එම නිර්දේශ අනුව දන්සල් පැවැත්වීමේදී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදුකිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා ගැනීම සිදු නොකළ යුතු බවත්, ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාගෙන සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙල කරවීමට කටයුතු කරන ලෙසත්, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කළයුතු බවත් එම නිර්දේශවල සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us