වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

Published in පුවත්
Saturday, 25 April 2026 10:17

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහයක දැවැන්ත දඩයක් නියම කර තිබෙනවා.

මෙලෙස දඩ නියම වී ඇත්තේ හපුතලේ, වැලිමඩ පාරේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් හෝටලයකටයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී, අදාළ හෝටලය විසින් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතලයක් පාරිභෝගිකයෙකුට අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ හෝටල් පාලනාධිකාරියට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටයි කටයුතු කර ඇත්තේ .

ඊයේ (24) අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා, වරදකරු වූ හෝටලයට රුපියල් මිලියනයක හෙවත් ලක්ෂ දහයක දඩ මුදලක් ගෙවන ලෙසයි නියෝග කරනු ලැබුවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us