එම සංවිධානය සඳහන් කර ඇත්තේ මැයි - ජුනි කාලය අතර එල්නිනෝ තත්ත්වයක් පැමිණීමට ඉඩ ඇති බවත්ය.
එම සංවිධානය මෙම තත්ත්වය සම්බන්ධව වාර්තා කර ඇති පරිදි මුහුදු මතුපිට උෂ්ණත්වය වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් මෙම එල්නිනෝ තත්ත්වය මතුවිය හැකි බවද පෙන්වාදී ඇත.
මැයි සහ ජූනි මාසවලදී ඇතිවිය හැකි මෙම තත්ත්වය පසු මාසවලදී තවදුරටත් තීව්‍ර විය හැකි බවත් එම සංවිධානය සඳහන් කර තිබේ.
එල් නිනෝ යනු නිවර්තන පැසිෆික් සාගරයේ ස්වාභාවික දේශගුණික රටාවක් වන අතර එය මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි උණුසුමකට ලක්කරන සහ ඒ හේතුවෙන් කාලගුණයට ප්‍රධාන බලපෑමක් ඇති කරමින් ලොවපුරා බිලියන සංඛ්‍යාත මිනිසුන්ට බලපෑමක් කළ හැකි වූවකි.
ලෝක කාලගුණ සංවිධානය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද යාවත්කාලීන කිරීම්වලට අනුව සඳහන් කර තිබුණේ මාර්තු සිට මැයි දක්වා කාලය තුළ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානම 10%ක් පමණ වන බවය.
මැයි මාසයේදී නිශ්චිතවම එල් නිනෝ තත්ත්වක් ඇතිවන බවට කාලගුණ විද්‍යාඥයින් මෙතෙක් පුරෝකථනය කර නොමැති අතර ඔවුන් අනතුරු අඟවනුයේ පවතින තත්ත්වයන් මත එල්නිනෝ තත්ත්වයක් පැමිණීමට ඉඩ ඇති බවත්ය.
කෙසේ වෙතත් ලෝක කාලගුණ සංවිධානය මෙම නවතම තත්ත්වය පිළිබඳව එළැඹෙන මැයි මාසය අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර මෙරට උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද අද (24) පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.

